― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත් වුණා.

සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ඨතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබනවා.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව 65 වන වරටත් සංවිධානය කෙරුණු මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී “රාජ්‍ය සාහිත්‍ය සම්මාන” 40ක් සහ “සාහිත්‍ය රත්න” සම්මාන 03ක් පිරිනැමුණා.

කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු (සිංහල මධ්‍යය) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර (ඉංග්‍රීසි මාධ්‍ය) සහ ටී.ඥානසේකරන් (දෙමළ මාධ්‍ය) ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර වුණා.

මෙහිදී හොඳම ස්වතන්ත්‍ර නවකතාව (සිංහල) ලෙස එරික් ඉලයප්ආරච්චිගේ “නකුල මුනි” නවකතාවද, ඉංග්‍රීසි නවකතාව ලෙස ප්‍රේමිනි අමරසිංහගේ “Footprints” නවකතාව ද, දෙමළ නවකතාව ලෙස සිවලිංගම් ආරූරන් විසින් රචිත “ආදුරසාලයි” නවකතාව සම්මානය හිමිකර ගත්තා.

මේ අතර මෙවර හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු විසින් හිමිකරගැනීම විශේෂත්වයක්.

මෙම සම්මානය සිවලිංගම් ආරූලන් රචනා කළ “ආදුරු සාලෙයි” කෘතියට හිමි වූ අතර, ඔහු කොළඹ පිත්තල හන්දියේ 2006 වසරේ දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරුවෙකු ලෙස මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අයෙක්.

මේ අතර 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ වෙනුවෙන් එළිදැක්වුණු සමරු කලාපය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වනු ලැබුවා.