25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද බොහෝදෙනෙකුට හරි වැරැද්ද පේන්නේ නෑ - කාදිනල් හිමිපාණන්

අද බොහෝදෙනෙකුට හරි වැරැද්ද පේන්නේ නෑ – කාදිනල් හිමිපාණන්

ලංකාව තුළ ලොකු කුඩා පරිමාණයෙන් සිදුවන දුෂණය, හොරකම, බොරුව හේතුවෙන් රටෙහි ප්‍රගතියට බාධාවක් නිසා පුද්ගලයන්ගේ පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකාවෙහිම හෘද සාක්ෂිය මිය ගොස් ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.

කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ ඊයේ (30) පැවති දිව්‍ය මෙහෙයක් අතරතුරදීය.

හෘද සාක්ෂිය තමයි අපිට පෙන්වන්නෙ හරිදේ කරල දෙවියන් වහන්සේටත්, අසල්වැසියාටත් ප්‍රේම කරන්නට, අපි වීරෝධාර විය යුත්තේ ඇයිද කියල. අද අපිට හෘද සාක්ෂියක් තිබෙනවාද? හුගක් වෙලාවට මරල නේද තියෙන්නෙ. බලන්න මාධ්‍යවල ප්‍රචාරය වන දේවල්. හැමදාම වගේ තියෙන්නෙ මිනී මැරුම්, හොරකම්, දුෂණ, අපරාධ තමයි.

මේ අපේ රට ධර්මද්වීපයක් කියා කිව්ව. ආගම් අදහන මිනිස්සු ඉන්න රටක් කියා අපි පම්පෝරි ගැහුව. අනෙක් රටවල් ඉදිරියේ අපි ආගම හරියට අදහන, ආගම ව්‍යවස්ථාවේ දාල තියෙන දෙයක් විදියට අපි හැඳින්වූවා. විදේශ රටවල ව්‍යාවස්ථාවට ආගම ඇතුල් කර නැහැ. නමුත් අප රටේ ආගම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙනව. අපි ආගම ගැන පාරට්ටු කර ගත්තත් අපේ සමාජය තුළ මේ ඇතිව තිබෙන තත්ත්වයට හේතුව කුමක්ද? හේතුව අපේ රටේ වගකිව යුත්තන් පමණක් නොව සෑම කෙනෙක්ම වාගේ තමන්ගේ හෘද සාක්ෂිය අමතක කරල එයට විරුද්ධව කටයුතු කිරීමට පුරුදුව සිටීමයි. හුගක් දෙනෙකුට හරිදේ වැරදි දේ අතර වෙනස දැන් පෙන්නේ නැහැ. ඒ නිසා අද සමාජය තුළ වැරදි දේ කරන්නට මනුෂ්‍යයා පෙළැඹී සිටිනවා.”