28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසේමිණී ඉද්දමල්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සේමිණී ඉද්දමල්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

බරපතළ මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට අදාළව ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට කළ දැනුම්දීමකට අනුව, පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කරන සිය ස්වාමි පුරුෂයා සමඟ ඇය එහි පැමිණ සිටියා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුව විසින් පැය 04කට ආසන්න කාලයක් ඇයගෙන් මෙලෙස ප්‍රකශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තිළිණි ප්‍රියමාලි සමඟ නිළියගේ තිබූ සමීප සබඳතාවන්, තිළිණි ඇයට ලබාදී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් මෙහිදී සේමිණී ඉද්දමල්ගොඩගෙන් ප්‍රශ්නකර ඇති බවයි වාර්තා වුණේ.