30 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්තගේ ජීප් රථයේ ගැටුණු පුද්ගලයා ජීවිතක්ෂයට

සනත් නිශාන්තගේ ජීප් රථයේ ගැටුණු පුද්ගලයා ජීවිතක්ෂයට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජීප් රථයේ ගැටී තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පුත්තලම නගරයේ දී පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පසුගිය 15 වනදා රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථයේ ගැටී අනතුරට ලක්වුණා.

අනතුරෙන් පසු එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක්.