28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපරවුණු පොහොට්ටුව අදින් පස්සෙ පිපෙනවා - රෝහිත අබේගුණවර්ධන

පරවුණු පොහොට්ටුව අදින් පස්සෙ පිපෙනවා – රෝහිත අබේගුණවර්ධන

පරවූ පොහොට්ටුව අදින් පසු නැවත පිපෙන බවත් තම පක්ෂයේ කාගෙවත් අත්වල ලේ ගෑවි නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

නොයෙක් කුමන්ත්‍රණ නිසා අපිට ආණ්ඩුව අහිමි වීමේ තත්තයට ඇවිත් තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් නැතුව වුණත් පක්ෂයේ වැඩ කටයුතු ජයග්‍රාහීව ඉදිරියට ගෙනයනවා. ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න අපි සූදානම්. අපේ පක්ෂයේ කාගෙවත් අත්වල ලේ ගෑවිලා නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ජනතාවට තියෙනවා. එහෙම නැතුව ප්‍රචණ්ඩත්වයෙන්, බලහත්කාරයෙන් කාටවත් ආණ්ඩු හදන්න අයිතියක් නැහැ. අපේ පක්ෂය ඉතාම ලා බාල පක්ෂයක් වුණත් දැවැන්ත ජයග්‍රහණ රැසක් වාර්තා කරපු පක්ෂය.