29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල් බෝලෙ නම් හොඳට පාස් කරනවා - ඩිලාන් පෙරේරා

රනිල් බෝලෙ නම් හොඳට පාස් කරනවා – ඩිලාන් පෙරේරා

ගෝඨාභය ෆේල් කියපු අය අවසානයේ නතර වුණේ රනිල් පාස් යැයි කියා බවත් රනිල් බෝලෙ නම් හොඳට පාස් කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.

සමහර දේශපාල්ඥයෝ ආයෙත් පාස් ෆේල් කතාව කියන්න ගත්තා. ගෝඨාභය මහත්තයා ෆේල් කියන අය අවසානේ නතර වුණේ රනිල් මහත්තයා පාස් කියලා. රනිල් බෝලෙ නම් පාස්. රනිල් බෝලෙ නම් ලස්සනට පාස් කර කර ඉන්නවා. හැබැයි විභාගේ පාස්ද කියලා අපිට බලන්න වෙන්නේ රටේ අද තියෙන තත්ත්වෙ දිහා බලලා. රනිල් පාස් කියන අයගෙන් අපි අහනවා එයා පාස්වෙලා තියෙන්නේ මොන චක්කරෙද කියලා. දැන් මිනිස්සු පාඩම් කරන්න්නේ ඉස්සර තිබ්බ චක්කරේ නෙවෙයි. ගිනිපෙට්ටි 5ක් වී කිලෝ එකයි. වී කිලෝ දෙකක් පාන් එකයි. පාන් එකක් සබන් කැට එකයි. සබන් කැට දෙකක් පෙට්‍රල් ලීටර් එකයි. පෙට්‍රල් ලීටර් තුනක් පිටි පැකට් එකයි. පිටි පැකට් හතරක් ගෑස් එකයි. ඕක තමයි අද වෙද්දි මිනිස්සු පාඩම් කරන චක්කරේ. දැන් එයාලා මේ චක්කරේ දිහා බලලද පාස් කියන්නේ.