― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද වෙද්දි විපක්ෂ නායකවරයා විහිළුකාරයෙක් වෙලා

අද වෙද්දි විපක්ෂ නායකවරයා විහිළුකාරයෙක් වෙලා

ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් තනතුරු බාර නොගත් විපක්ෂ නායකවරයා කියන චරිතය අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්වා සමාජයට විහිළු සපයන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නොවන බවත් විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළුකාරයකු වී ඇති බවත්ය.

මහ පාරේ අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් එයට පාර්ලිමේන්තුවේ 225ම වගකිව යුතු බවත් රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.