― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ගැන කියන්න අධිකරණයට නාපු නිළියන් දෙදෙනාට වැඩ වරදියි

තිළිණි ගැන කියන්න අධිකරණයට නාපු නිළියන් දෙදෙනාට වැඩ වරදියි

තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රංගන ශිල්පිනියන් දෙදෙනෙක් අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

කෙසේවෙතත් මොවුන් දෙදෙනා අද දහවල් වනවිටත් ප්‍රකාශ ලබාදීමට සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණි අතර අද දිනය ඇතුළත ඔවුන් දෙදෙනා නොපැමිණිය හොත් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව CIDය පවසයි.

එම රංගන ශිල්පිනියන් දෙදෙනාට පසුගිය 31 වැනිදාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණද ඔවුන් දෙදෙනා එදින නොපැමිණීම හේතුවෙන් අද යළි එහි පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.