31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅධිකරණයේදී පොලිස් නිලධාරියෙකුට පාට් දැමූ අයෙක් රිමාන්ඩ්

අධිකරණයේදී පොලිස් නිලධාරියෙකුට පාට් දැමූ අයෙක් රිමාන්ඩ්

අධිකරණ රාජකාරි කළ පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑ අයෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊයේ (02) නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයේ නිශ්ශබ්දතාවය සඳහා පැමිණ සිටි පිරිස් දැනුවත් කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අදාළ පොලිස් නිලධාරියා විවෘත අධිකරණයේ රැස්ව සිටි මහජනතාව අමතා අධිකරණයේ කටයුතුවලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී පුද්ගලයකු අමතා නිශ්ශබ්දවන ලෙසත්, තමා පැමිණි අධිකරණ කටයුතු අවසන් නම් එම ස්ථානයෙන් පිටව යන ලෙසත් පොලිස් නිලධාරියා උපදෙස් ලබාදී තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් එය ප්‍රතික්ෂේප කර පොලිස් නිලධාරියට බැන වදිමින් පහරදීමක් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑ පුද්ගලයා 43 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.