29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩෙංගු අධි අවදානම් කලාප 21ක්

ඩෙංගු අධි අවදානම් කලාප 21ක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් දිවයිනේ කොට්ඨාස 21ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

එමෙන්ම අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් කොට්ඨාස 9ක ඩෙංගු රෝගීන් වාර්තාවීම තවදුරටත් ඉහළ යමින් ඇති බවත් පිළියන්දල, හාරිස්පත්තුව, උකුවෙල, බදුල්ල, කෑගල්ල සහ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අලුතින් හඳුනාගත් අධිඅවදානම් කලාප බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2021 වසරේ මේ කාලසීමාවේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7,296ක් වාර්තා වුවද මේ වසරේ එය දෙගුණයකටත් වැඩි වී තිබේ. එම සංඛ්‍යාව 14,937කි. ඒ අනුව ගිය වසරට සාපෙක්ෂව මෙම වසරේදී රෝගීන් 7,641ක් ඊට එක් වී තිබේ.