29 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමදුරු දඟර දුම සිගරට් දුමට වඩා භයානකයි

මදුරු දඟර දුම සිගරට් දුමට වඩා භයානකයි

ලොව පුරා වසරකට මිලියන 4කට වැඩි පිරිසක් ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් මියයන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තුසිත සුගතපාල පවසයි.

හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (02) මහනුවරදී පැවති වැඩමුළුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කථිකාචාර්යවරයා කියා සිටියේ පොලිතීන් පිළිස්සීම, ගෘහස්ථව හඳුන්කූරු දැල්වීම සහ මඳුරු දඟර දැල්වීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් නිවසේදීත් ඉන් පිටතදීත් වායු දූෂණය සිදු විය හැකි බවයි.

විශේෂයෙන්ම ඔහු අවධාරණය කළේ මඳුරු දඟරයක් දැල්වීමෙන් පිටවන විෂ දුම් ප්‍රමාණය දුම්වැටි සීයක් දැල්වීමෙන් පිටවන විෂ දුම් ප්‍රමාණයට වඩා හානිකර බවයි.