31 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව ප්‍රමුඛ ගුවන් සේවා 02ක් යළි මෙරට වැඩ අරඹයි

ලොව ප්‍රමුඛ ගුවන් සේවා 02ක් යළි මෙරට වැඩ අරඹයි

ප්‍රංශ සහ රුසියානු ගුවන් සේවා සමාගම් දෙකක් ශ්‍රී ලංකාවට නැවතත් ගුවන් ගමන් ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව රුසියාවේ ප්‍රධානම ගුවන් සේවයක් වන ‘අසූර් එයාර්’ ගුවන් සේවය අද (03) දිනයේ සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කරන බවයි වාර්තා වුණේ.

එමෙන්ම ප්‍රංශ ජාතික ගුවන් සේවය වන ‘එයාර් ෆ්‍රාන්ස්’ ගුවන් සේවය හෙට (04) දිනයේ සිට යළි ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බවද සඳහන්.

මෙම සමාගම් දෙකේ ගුවන් ගමන් සති පතා ක්‍රියාත්මක වන බව සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.