27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෝඨාභය වෙනුවෙන් පෙනී ඉන්න බැහැ - නීතිපති

ගෝඨාභය වෙනුවෙන් පෙනී ඉන්න බැහැ – නීතිපති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවනු ලැබීය.

දේශගුණික විපර්යාස අවම කිරීමට රජයක් විසින් ගත යුතු පියවර නොගැනීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ජනාධිපතිවරයාටත්, මධ්‍යම පරිසර අධිකාරියටත්, ලංකා විදුලිබල මණ්ඩලයටත්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන් ගණනාවකට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තවදුරටත් පෙනී නොසිටින බවයි.

වැඩිදුරටත් කරුණු තහවුරු කිරීම සදහා නඩුව 2023 ජනවාරි මස 23 වැනිදා නැවත කැදවීමට නියෝග කළේය.