27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical14 වැනිදාට පෙර නව කැබිනට් මණ්ඩලයක්?

14 වැනිදාට පෙර නව කැබිනට් මණ්ඩලයක්?

නොවැම්බර් 14 වැනිදාට පෙර නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවති කැබිනට් මණ්ඩලයම සුළු වෙනස්කම් සහිතව තාවකාලික පදනමක් යටතේ නැවත පත්කරනු ලැබූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම දිනෙන් දින් ප්‍රමාද විය.

දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සති අන්තයේදී ඊජීප්තුව බලා පිටව යාමට නියමිත අතර එම සංචාරය නිමා කර පැමිණි පසුව ඉක්මනින්ම නව කැබිනට් මණ්ඩලය පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.