28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමාත්‍ය ධුර හතරක් ජනාධිපතිවරයා යටතට

අමාත්‍ය ධුර හතරක් ජනාධිපතිවරයා යටතට

අමාත්‍ය ධුර හතරක් සිය භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය මෙන්ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය මෙලෙස ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

ඉහත අමාත්‍යංශ හතරට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා යටතේ පවතිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44/3 ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාගේ ද අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මේ වනවිටත් නිකුත්කර අවසන්.