30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (06) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඔහු ඊයේ (05) රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔහු විසින් අදාළ 29 හැවිරිදි කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා. මෙම සතිය මුලදී සිඩ්නි නුවර පිහිටි නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) පෙරවරුවේ යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට ගමන් ආරම්භ කළා. ලෝක කුසලාන තරගාවලිය අතර තුර ආබාධයකට ලක්වූ ගුණතිලක යළි ශ්‍රී ලංකාවට නොපැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටියා.