27 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධනුෂ්ක ගුණතිලකට ඇපත් නැතිවෙයි

ධනුෂ්ක ගුණතිලකට ඇපත් නැතිවෙයි

ලිංගික චෝදනා 04කට සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ, සිඩ්නි සිටි පොලිසිය විසින් ඔහුව අද (06) පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී චෝදනා සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරයා ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ (05) දින සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටියදී සිඩ්නි සිටි පොලිසිය විසින් ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.

පැමිණිල්ලක් සිදුකරමින් අදාළ 29 හැවිරිදි කාන්තාව පවසා ඇත්තේ ගුණතිලක විසින් තමන්ට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදුකළ බවයි. dating app හරහා ධනුෂ්කට අදාළ කතාව මුණගැසී ඇති අතර, සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසක් තුළදී මෙම සිදුවීම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධිය සිදුවූ බව කියන රෝස් බේ ප්‍රදේශයේ නිවස ඊයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.