― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන මිල සූත්‍රය ගැන විශේෂ නිවේදනයක්

ඉන්ධන මිල සූත්‍රය ගැන විශේෂ නිවේදනයක්

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදුකරනවා.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයේ වෙනසක් සිදුනොවන බවයි.

ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිලේ සිදුවන උච්චාවචනයන්ට අනුව මිල සංශෝධනය සිදුකළ යුතු බැවින් ඉන්ධන මිල සූත්‍රය එලෙසින්ම ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුකළ යුතුව තිබුණ ද පසුගිය පළමුවනදා ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවූයේ නැහැ.

මේ අතර, වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා වැඩි කළ ලීටර් 05ක අමතර ඉන්ධන කෝටාව ලබාදීම අද (07) දිනයේ සිට ක්‍රියාත්මක බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.