― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ඉල් පුන් පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. ලෝකවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සුපහන් කරවන ශාසනික වශයෙන් අනුස්මරණීය වූ සිදුවීම් කිහිපයක්ම ඉල් පුන් පොහොය දිනයේදී සිදු වී තිබේ.

එකම ස්ථානයකදී දහසක් භික්ෂූන් අරහත්වයට පත් කරවූ තුන්බෑ ජටිල පිරිස දමනය කිරීම පිණිස අනුත්තර පුරිසදම්ම සාරථී වූ භාග්‍යවතුන් වහන්සේගේ ගමන් ඇරඹීම සිදු වුණෙත් ඉල් මස පෝය දිනයේදීමයි.

ඉල් පුන් පොහොය උදාවත්ම වස්සාන ඍතුව අවසන් වෙනවා. මීට වසර 2605කට පෙර උදා වූ ඉල් පුන් පොහෝ දිනයේදී අප ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කොට වදාළේය.

පසුවස් සමාදන් වූ භික්ෂූන්ගේ පවාරණ දිනයත් මෙම ඉල් පොහොයට යෙදීම සිරිතක්‌. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය හෙවත් චීවර මාසයේ අවසාන දිනයත් ඉල් පොහොය දිනයයි.

මතු බුදු බව ලබන මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබූ දිනය ලෙස සඳහන් වන්නේත් ඉල් පුර පසළොස්වක් පොහෝ දිනයයි.