28.4 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැරියන්ට අමුතු පාඩම් ඉගැන්වූ කැකිරාවේ කරාටේ ගුරා රිමාන්ඩ්

දැරියන්ට අමුතු පාඩම් ඉගැන්වූ කැකිරාවේ කරාටේ ගුරා රිමාන්ඩ්

කැකිරාව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ශිෂ්‍යාවන් හයදෙනෙකු ලිංගික අපයෝජනය කළ බවට සැක කෙරෙන ක්‍රීඩා උපදේශකවරයා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අදාළ සැකකරු කැකිරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු විසින් අදාළ පාසලේ ශිෂ්‍යාවන්ට සති අන්ත දිනවල දී කරාටේ පුහුණුව ලබාදෙන කාලය තුළ ශිෂ්‍යාවන්ට ලිංගික අපයෝජනය සිදුකර ඇති බව පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.

ඒ අනුවයි අනුරාධපුර, තුන්වන පියවර, අංක 50 කාර්මික ප්‍රදේශයේ පදිංචි සැකකාර ක්‍රීඩා උපදේශකවරයා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියේ ළමා හා කාන්‍තා කාර්යාංශයේ නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.