30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කරන්නේ නැහැ

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කරන්නේ නැහැ

ඉදිරි මාස 03ක කාලය ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීමට ආණ්ඩුවට හැකියාව පවතින බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

පාර්ලිමේන්තුවේදී අද (08) දින අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එළඹෙන උත්සවය සාමය වෙනුවෙන් හිඟයකින් තොරව අවශ්‍ය භාණ්ඩ ජනතාවට සැපයීමට සියලු ආනයනකරුවන්, දේශීය නිෂ්පාදකයන් සහ සුපිරි වෙළඳසැල් සමග සාකච්ඡා කර මේ වනවිටත් සැලසුමක් සකස්කර අවසන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බිත්තර සඳහා පාලන මිලක් පවත්වාගෙන යන්නේ ජනතා වෙනුවෙන් බවත්, තිරිඟු පිටි මිල දැනට පවතින අයුරින් ඉදිරි මාස කිහිපයේදීත් පවත්වාගෙන යන්න බව රජයට වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.