30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකෙනෙක්ගේ ජීවත් වීමේ අයිතිය යටපත් කරන්න රාජ්‍ය සේවකයන්ට බැහැ

කෙනෙක්ගේ ජීවත් වීමේ අයිතිය යටපත් කරන්න රාජ්‍ය සේවකයන්ට බැහැ

දරුවෙකුගේ පමණක් නොව කිසිවෙකුගේවත් ජීවත් වීමේ අයිතිය, යටපත් කිරීමට හෝ අපහාසයට ලක් කිරීමට කිසිදු රාජ්‍ය සේවකයෙකුට නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අවුරුදු 13ක ගැහැනු දරුවෙකු ගැබිනියක බව ප්‍රකාශ කිරීමත්, පසුව එය වැරදීමක් බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළ බවට වන සිද්ධීන් පිළිබඳවය මන්ත්‍රීවරිය අදාළ ප්‍රශ්නය විමසූ අතර එම දරුවා මානසික පීඩනයකට ලක් වූ නිසා දිස්ත්‍රික් ලේකම්වරයා සම්බන්ධයෙන් ගන්නා තීන්දුව පිළිබඳවද මන්ත්‍රීවරිය විමසා සිටියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න ලෙස එම දිස්ත්‍රික් ලේකම්වරයාට දන්නවා ඇති බවයි.

ගරු කතානායකතුමනි, දිස්ත්‍රික් ලේකම්වරයාට වහාම කරුණු පැහැදිලි කරන්න කියලා වහාම යවලා තියෙන්නේ. ඒ අනුව අවශ්‍ය පියවර අප ගන්නවා ඇති. දරුවෙක්ට නොවේ කාටවත්, තමන්ගේ ජීවත් වීමේ අයිතිය කිසිම රාජ්‍ය සේවකයෙක්ට යටපත් කරන්න හෝ අපහාසයට ලක් කරන්න බැහැ. ඒ ප්‍රතිපත්තිය උඩ අපි කටයුතු කරනවා.