31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොළ පිපිඤ්ඤා වගාවෙන් ඩොලර් මිලියන 33ක් මෙරටට

කොළ පිපිඤ්ඤා වගාවෙන් ඩොලර් මිලියන 33ක් මෙරටට

මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව රටට ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන අපනයනය ඉලක්ක කර ගත් විදේශ ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වගාව ආරම්භ කර තිබේ.

මඩකලපුව වාකරේ ගොවීන් 500ක් අක්කර 500ක කොළ පිපිඤ්ඤා වගාව කරන අතර එම අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසර තුන ඇතුළත කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33ක් බව අමාත්‍යාංශය පවසයි.