28.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේරුවලදී හෙරොයින් කිලෝ 08ක් සමඟ අයෙක් අත්අඩංගුවට

බේරුවලදී හෙරොයින් කිලෝ 08ක් සමඟ අයෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 304ක් සමඟ සැකකරුවෙකු බේරුවල අබේපිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල උප ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය පැවසුවේ. බේරුවල අබේපිටිය ප්‍රදේශයේ නිවසක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 07ක තිබී මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිදිපත් කිරීමෙන් පසු දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.