27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් දාන්නේ නැහැ

ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් දාන්නේ නැහැ

උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය කල් දමන ලෙස ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුව අමතමිනි.

මීට පෙර රටේ පැවති තත්ත්වය අනුව උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට සිදු වූ බවත් මෙම වසරේදී රටේ පවතින තත්ත්වය සලකා බලමින් විභාගයට දින තීරණය කළ බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මේ හෙතුවෙන් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින කිසිඳු ලෙසකින් වෙනස් නොකරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.