25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ නීතිගත සංස්ථාවේ සුපිරි ගැහිල්ලක් එළියට?

ඖෂධ නීතිගත සංස්ථාවේ සුපිරි ගැහිල්ලක් එළියට?

ඖෂධ නීතිගත සංස්ථාවේ මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදීය.

විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත්තේ එන්නතක් රුපියල් 255කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලක් වන අතර එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇති බව එම විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.