30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඩීසල් ලීටරයකින් තවමත් රුපියල් 12ක් පාඩුයි

ඩීසල් ලීටරයකින් තවමත් රුපියල් 12ක් පාඩුයි

ඩීසල් ලීටරයකින් රජයට තවමත් රුපියල් 12ක පාඩුවක් සිදු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී තෙල් මිල සූත්‍රය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී හේෂා විතානගේ කියා සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් වෙනස් කිරීමට පොරොන්දු වූ නමුත් මෙවර මිල සූත්‍රයට අනුව වෙනසක් නොවන බවට ප්‍රකාශ කිරීමෙන් ජනතාවට අසාධාරණයක් සිදු වන බවයි.