26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රියමාලි ගැන කියන්න පුබුදු හා මාෂි අද CIDයට

ප්‍රියමාලි ගැන කියන්න පුබුදු හා මාෂි අද CIDයට

ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාෂි සිරිවර්ධනගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ මෙරට මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කළ තිළිණි ප්‍රියමාලිගේ වංචා සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළවයි.

මොවුන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ පසුගියදා රුපියල් ලක්ෂ 300කට අධික මුදලක් වැය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පවත්වන ලද මායාජාල චිත්‍රපටයේ මුහුරත් උළෙල සම්බන්ධයෙන් සහ ඒ සඳහා දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය මුදල් යෙදවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.