― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිල්ලනිය විදුහල්පතිනියගේ වැඩ තහනම්

මිල්ලනිය විදුහල්පතිනියගේ වැඩ තහනම්

මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිප දෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක්ද සිදු කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා පවසනවා.

ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළේ අදාළ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.