29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ආහාර අර්බුදය උග්‍ර වන බවට අනතුරු ඇඟවීම්

මෙරට ආහාර අර්බුදය උග්‍ර වන බවට අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය උග්‍ර විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් පවසන්නේ හදිසි මානුෂීය ආධාර අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 3.4 දක්වා දෙගුණයක් වී ඇති බවයි.

පසුගිය ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ඇස්තමේන්තු කළේ ශ්‍රී ලංකාවේ මිලියන 22ක ජනගහනයෙන් මිලියන 1.7 කට ආධාර අවශ්‍ය බවයි.

කොලඹ එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ අසරණයින් පෝෂණය කිරීම සඳහා ඩොලර් මිලියන 79 ක් රැස් කර ඇති නමුත් දුප්පත් මිනිසුන්ගේ සංඛ්‍යාව වර්ධනය වන බැවින් අමතර ඩොලර් මිලියන 70ක් අවශ්‍ය බවයි.

අඛණ්ඩව කන්න දෙකක අස්වැන්න දුර්වල වීම, විදේශ විනිමය හිඟය සහ ගෘහාශ්‍රිත මිලදී ගැනීමේ හැකියාව අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය ඉහළ ගොස් ඇත” යනුවෙන් එම වාර්තාවෙ වැඩිදුරටත් දැක්වේ.

1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වනවිට දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර පසුගිය වසරේ සිට උද්ධමනය, විදුලිය ඇනහිටීම් සහ ඉන්ධන හිඟය සමඟ පොරබදමින් සිටී.

අප්‍රේල් මැද වන විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51ක විදේශ ණය පැහැර හැර ඇති අතර ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටී.

ගැබිනි මව්වරුන් සහ පාසල් ළමුන් ඇතුළු මිලියන 2.1 ක ජනතාවකට ආහාර සැපයීම සහ ගොවීන් සහ ධීවරයින් මිලියන 1.5 කට ජීවනෝපාය ආධාර සැපයීමට එක්සත් ජාතීන්ගේ සැලැස්ම සංශෝධනය කර ඇත.