27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණිගේ තවත් ඩොලර් වංචාවක් ගැන සුලමුල එළියට

තිළිණිගේ තවත් ඩොලර් වංචාවක් ගැන සුලමුල එළියට

කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණි තිළිණි ප්‍රියමාලි ඩොලර් දෙන බව පවසා රුපියල් 40000000ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන සමිත් විරංග පටබැදීගේ යන අය කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ දන්වා සිටියේය.

ම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා තිළිණි ප්‍රියමාලිට ගිණුම් සහිත පෞද්ගලික බැංකු හතරක ගිණුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ සඳා අවසර ලබා දී තිබේ.