23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොළොන්නරුවේ දරුවන් අතර මන්දපෝෂණය උග්‍ර වෙයි

පොළොන්නරුවේ දරුවන් අතර මන්දපෝෂණය උග්‍ර වෙයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය මේ වන විට ඉහළ යමින් ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඊයේ (10) පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.

මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019, 2021 වර්ෂවලදී මෙම තත්ත්වය අඩුව පැවති බවත් ඉන්පසුව මෙහි වර්ධනයක් දක්නට ලැබෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අනුව එම තත්ත්වය සියයට 15ක්, 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. සරත්චන්ද්‍ර කුමාරවංශ අනාවරණය කළේය.

පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ජගත් සමරවික්‍රමගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්විණි.

එහිදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ රාජ්‍ය නියෝජිතයින් බොහෝදෙනකු සඳහන් කළේ මෙහිදී දිස්ත්‍රික්කයේ නැවත නව මාර්ග සහ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට වඩා මේ වෙනවිට දිස්ත්‍රික්කයේ ආහාර හිඟයෙන් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මුදල් වෙන් කර එම පවුල් නගා සිටුවීමට කටයුතු කළ යුතු බවයි.