26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

ඇමරිකාවේ ටෙක්සාස්හි පැවති ගුවන් සංදර්ශනයක් අතරතුර ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

බෝයිං බී – 17 ගුවන් යානයක් සහ කුඩා ගුවන් යානයක්ද ගැටීමෙන් මෙම අන්තුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ගුවන් යානා දෙකෙහි නියමුවන්ගේ තත්ත්වය මෙතෙක් තහවුරු වී නොමැත.

නිලධාරීන්ගේ ජීවිත හානි පිළිබඳවද මෙතෙක් තහවුරු කර නොමැති අතර අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු යානයේ සිට ඇති බවට සැක පළ කරයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ පරිදි ප්‍රදේශයේ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.