― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති රනිල්ගේ මංගල අයවැය අදයි

ජනපති රනිල්ගේ මංගල අයවැය අදයි

අද (14) පාර්ලිමේන්තුවට ලංකා ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක අයවැය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන බවත් ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීමේ පියවර 2023 අයවැය මගින් සිදු කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝගය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

පුද්ගලයකුට මසක් ජීවත්වීම සඳහා රුපියල් 13,000 ක් අවශ්‍ය බවට රජයේ වාර්තා මගින්ම තහවුරු කර ඇති තත්ත්වයක් තුළ 2023 වසර සඳහා සුබසාධන අයවැයක් ඉදිරිපත් කිරීමේ අභියෝගය රජය භාරගෙන ඇතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

නිදහස් ශ්‍රී ලංකාවේ 77 වන අයවැය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙන අතර මෙරට දේශපාලන ඉතිහාසය සැලකීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස හා ජනාධිපතිවරයා ලෙස වර්ෂයක් සඳහා ඉදිරිපත් කරන මංගල අයවැයද මෙය වේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළකට මෙම අයවැය මගින් මග විවර වනු ඇති බවයි.

ලෝකයේ අයවැය වර්ගීකරණ දෙකක් තියෙනවා, ආයෝජනයට බර වූ අයවැය සහ සුබසාධනයට බර වූ අයවැය කියලා. නිදහස් ශ්‍රී ලංකාවේ 77 වැනි අයවැය අපි ඉදිරිපත් කරන්නේ රටේ පවුල් සංඛ්‍යාවෙන් 70% ක් ජීවත් වීම සඳහා රජයෙන් සහන ඉල්ලන තත්ත්වයක් තුළයි. ඒ නිසා අපි මේ වෙලාවේ අවධානය යොමු කරන්නේ මේ ජනතාවගේ මූලික අවශ්‍යතා ටික ඉටු කරන්න පහසුකම් සලසන සුබසාධන අයවැයක් ඉදිරිපත් කිරීමටයි.”