මෙවර අයවැය තුළින් උද්ධමනයට දැඩිව මුහුණදී සිටින ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් ලබා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) 2023 අයවැය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ශ්‍රී ලංකා මහබැංකු පරිශ්‍රයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැයෙන් අඩු ආදායම් ලබන ජනතාවට කෙටි කාලීන විසදුම් ලබාදෙමින් ඔවුන් ආරක්ෂා කරගැනීම සදහා විශාල මුදලක් වෙන් කර ඇති බවයි.
සිදුවීමට තිබූ ආර්ථික පරිහානිය වළක්වා මේ වන විට ස්ථාවරත්වයකට පත් කර ඇති බවත් ආර්ථික අර්බුදයකට හේතු වූ කරුණු හදුනාගනිමින් ඊට පිළියම් යෙදීම දැන් සිදු කරමින් පවතින බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.