33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගජමුතු සමඟ තිදෙනෙක් මොණරාගලදී STF අත්අඩංගුවට

ගජමුතු සමඟ තිදෙනෙක් මොණරාගලදී STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (14) මොණරාගල පොලිස් වසමේ තුරුලිය ගෙස්ට් හවුස් ස්ථානයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී නීතිවිරෝධි ලෙස ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56, 57 සහ 47 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොණරාගල පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.