29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමවගේ උපන්දිනයට ඇතුළේ ඉන්න පොඩි ලැසී ලක්ෂ 25ක සුපිරි පාටියක් දාලා?

මවගේ උපන්දිනයට ඇතුළේ ඉන්න පොඩි ලැසී ලක්ෂ 25ක සුපිරි පාටියක් දාලා?

ප්‍රබල පාතාල නායකයෙකු වන පොඩි ලැසීට ඇප ලැබීම හා සිය මවගේ උපන් දිනය සමරමින් පාතාලයේ අපරාධකරුවන් රැසක් පිරිවරා අම්බලන්ගොඩ පිහිටි හෝටලයක සාදයක් පවත්වා ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි.

මේ සාදය පසුගිය සතියේ පවත්වා ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් වැය වී ඇති බව බුද්ධි අංශවලට ලැබී ඇත.

දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පොඩි ලැසීව රඳවා තිබේ. ඔහුට ඇප ලැබී ඇතත් ඇප කොන්දේසි සපුරමින් තවමත් ඔහු බන්ධනාගාරයෙන් එළියට පැමිණ නැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන් වන්නේ පොඩි ලැසීගේ මවගේ උපන් දිනය වෙනුවෙන් එදින පවුම් 15ක රන් මාලයක්ද තෑග්ගක් ලෙස පළඳවා ඇති බවයි.