29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න සල්ලි නෑ

රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න සල්ලි නෑ

රජයේ සේවකයන්ගේ වැටුප් හා අතිකාල දීමනා ලබාදීම සඳහා රජයට මුදල් නොමැති බවට තොරතුරු වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන පැවසුවේ දැනට ලැබෙන ආදායම ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රජය ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 200ක් පමණ වන බවත් භාණ්ඩාගාරයෙන් දෛනික මුදල් ප්‍රවාහය, වැටුප් ආදිය හැසිරවීමට අපහසු බවත්ය.

ජනතාවට සහනාධාර ලබාදීම වැනි අත්‍යාවශ්‍ය දේවලට පවා මෙම ආදායම ප්‍රමාණවත් නොවන බව හෙතෙම එහිදී අවධාරණය කළේය.