― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 05ක් පළා යයි

පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 05ක් පළා යයි

වව්නියාව, පූන්තොට්ටම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 05 දෙනෙකු පළාගොස් තිබේ.

අවුරුදු 22 – 30 වයස්වල පසුවන රැඳවියන් 05 දෙනෙකු ඊයේ (15) පස්වරුවේ එලෙස පළා ගොස් ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවසයි.

පළා ගිය රැඳවියන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මකය.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථනයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් පසු අතුරුදන් වූ තවත් රැඳවියන් 07 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.