― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalසෑම මන්ත්‍රීවරයෙක්ටම බදු ලිපිගොනුවක්

සෑම මන්ත්‍රීවරයෙක්ටම බදු ලිපිගොනුවක්

කතානායකවරයාගේ අවසර ඇතිව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් විවෘත කර ගැනීමට වැඩපිළිවෙළක් අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවටත් මොකක් හරි උදව්වක් කරන්න එපැයි. ඒ නිසා මම කතානායකවරයාගේ අවසරය ඇතිව මුදල් අමාත්‍යාංශ දිනයේදි නිලධාරීන් කැඳවලා අවශ්‍ය ඕනෑම අයෙකුට ආදායම් බදු ලිපිගොනුවක් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි රටටම කියනවා වයස 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම ලිපි ගොනුවක් හදාගන්න කියලා. අපි ඒක පාර්ලිමේන්තුවෙන් පටන් ගනිමු. ඒ නිසා ඒකට අවශ්‍ය පසුබිම සකසා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.