― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalජනපතිගේ අයවැයෙන් ජනතා ප්‍රශ්නවලට විසඳුම් නෑ - දයාසිරි

ජනපතිගේ අයවැයෙන් ජනතා ප්‍රශ්නවලට විසඳුම් නෑ – දයාසිරි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2023 ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතා ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරයි.

එම පක්‍ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මේ බව සඳහන් කළේය.

ජීවන අරගලයකට මුහුණ දී සිටින ලක්ෂ 220ක ජනතාවට ලබන වසරේ අයවැයෙන් කිසිදු විසඳුමක් ලැබී නැහැ. 2023 වසර අවසන් වනතුරු ඉවසන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා තිබේ.

තව මාස 13ක් මිනිස්සු කොහොමද බර, දුක් විදලා ඉන්නේ. ජනාධිපතිතුමාගේ පොරොන්දුවට සහ සහනවලට මොකද වුණේ?” ඔහු එහිදී වැඩිදුරටත් අසා සිටියේය.