― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිවාස අහිමි වූ මන්ත්‍රීලාට දෙන්න යන ඇස්තමේන්තු මුදල මදිලු

නිවාස අහිමි වූ මන්ත්‍රීලාට දෙන්න යන ඇස්තමේන්තු මුදල මදිලු

පසුගිය 09 වැනිදා රට පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසකගේද නිවාස හා දේපළවලට හානි සිදු විය.

එලෙස නිවාස සහ දේපොළ අහිමිවීම සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව සකස් කළ තක්සේරු මුදල ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 75ක් ආණ්ඩු පක්ෂ කාර්යාලයට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

තමන් නිවස ඉදි කරන කාලයේ වටිනාකමට අනුව තක්සේරු කිරීම උචිත නොවන බවත් වර්තමාන වටිනාකමට අනුව වන්දි මුදල තක්සේරු කළ යුතු බවත් නිවාස හා දේපොළ අහිමි වූ මන්ත්‍රිවරුන්ගේ අදහස වී තිබේ.

එම නිසා තක්සේරුව සම්බන්ධ ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) සිට ලබන 18 වැනිදා දක්වා අයවැය ඡන්ද විමසීම අවසන්වන තෙක් පාලිමේන්තුවේදී පැවැත්වේ.

එහෙත් තක්සේරු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින නීති රීති අනුව තක්සේරු කටයුතු සිදු කරන බවයි.

ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල නිවාස පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, ගීතා කුමාරසිංහ, ජයන්ත කැටගොඩ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර, සීතා අරඹේපොල, රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ ගේ නිවාස සහ දේපොළවලට එලෙස අලාභ හානි වී තිබේ.

මින් වැඩිම අලාභය පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේගේ දේපොළවලට සිදුව ඇති බවත් එය මුදලින් කෝටි 46ක් බවත් පැවසේ.

දෙවැනි වැඩිම අලාභය සීතා අරඹේපොළගේ තලංගම නිවස ඇතුළු දේපොළවලට සිදු වී ඇති අතර එය 14 කෝටි හාරලක්ෂ 86000ක් ලෙස ගණන් බලා ඇත.

කෙසේවෙතත් දේශපාලන ආරංච්මාර්ග සඳහන් කරන්නේ මන්ත්‍රිවරුන් ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාවල මෙම මුදලට වඩා දෙතුන් ගුණයක් වැඩිපුර සඳහන්ව තිබූ බවයි.