27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළට

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළට

මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු ඉහළ දමා තිබේ.

ඒ අනුව මෙස ගාස්තු වැඩිවීම හෙට (18) සිට ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව මෝටර් වාහනයක් සාමන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක් වන අතර ප්‍රමුඛතා පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,000කි.

එක්දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 4,000ක් දක්වා සංශෝධනය කර තිබෙනවා.

මේ අතර ප්‍රමාද වී ලියාපදිංචි කිරිමේ ගාස්තු ද කාණ්ඩ කිහිපයක් යටතේ ඉහළ දමනු ලැබූ අතර ඒ අනුව මෝටර් රථයක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩිකර තිබේ. යතුරු පැදියක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව රුපියල් 50කි.

එමෙන්ම ලියාපදිංචි වාහනයේ සහතිකයේ විස්තර වෙනස් කිරීම සඳහා රුපියල් 3,000ක ගාස්තුවක් අය කරනු ලැබේ.