27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලොව බිහිවූ විශිෂ්ටතම විද්‍යාඥයින් පරදවා ලාංකික දැරියක් ඉදිරියට

ලොව බිහිවූ විශිෂ්ටතම විද්‍යාඥයින් පරදවා ලාංකික දැරියක් ඉදිරියට

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය දැරියක් ගැන තොරතුරු එක්සත් රාජධානියෙන් වාර්තා වෙයි

එහි ඇති විශේෂත්වය වන්නේ මෙම දැරිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක වීමයි.

හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය ලබන ඇයගේ අනාගත අපේක්ෂාව ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීමයි.

10 හැවිරිදි පාසල් දැරියක වන අරියානා හීමාල් ධර්මසේන නමැති ඇයට ඒ වෙනුවෙන් පිරිනමා ඇති සහතික පත්‍රයේ දැක්වෙන පරිදි Mඑන්ස බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් හිමිකරගෙන තිබේ.

අදාළ පරීක්ෂණවල එම දක්ෂතාව ‘genius’ මට්ටම ලෙස සටහන් වන අතර එම දක්ෂතාව හේතුවෙන් ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වයද පිරිනමා ඇත.