32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජානකීට හිර ගෙදරත් සුපිරි බලයක් - ගඩාෆි සමඟත් සබඳතා පවත්වලා

ජානකීට හිර ගෙදරත් සුපිරි බලයක් – ගඩාෆි සමඟත් සබඳතා පවත්වලා

තිළිණි ප‍්‍රියමාලි සමඟ මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජානකී සිරිවර්ධන විසින් සිය සම්බන්ධතා යොදා ගනිමින් රක්ෂිත බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන්ගේ කුටි වෙනස් කිරීම් සිදු කරමින් ඇතැයි නිදහස් මාධ්‍යවේදී හා හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන කීර්ති රත්නායක පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

ජානකී සිරිවර්ධන බන්ධනාගාරය තුළ සුපිරි බලයක් සහිතව කටයුතු කරමින් සිටින බව ඔහු එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ලිබියාවේ හිටපු ජනාධිපති ගඩාෆි සමඟද ජානකි සිරිවර්ධන සබඳතා පවත්වා ඇතැයිද හෙතෙම පෙන්වා දෙනවා.