― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට මිලියන 6.2ක ජනතාව ආහාර අනාරක්ෂිතභාවයට - යුනිසෙෆ්

මෙරට මිලියන 6.2ක ජනතාව ආහාර අනාරක්ෂිතභාවයට – යුනිසෙෆ්

ශ්‍රී ලංකාවේ මිලියන 6.2ක ජනතාවක ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ දෙවැනි මානුෂීය වාර්තාවේ මේ බව සඳහන් වේ.

දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී සිටින ශ්‍රී ලංකාව තුළ උද්ධමනය, ආහාර අනාරක්‍ෂිතභාවය සහ දරිද්‍රතාවය අඛණ්ඩව ඉහළ යමින් පවතින බව යුනිසෙෆ් නමින් හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වාර්තාවක් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ මිලියන 6.2 ක ජනතාවක් ආහාර අනාරක්‍ෂිතතාවයට මුහුණ දෙන බවත්, අධ්‍යාපනය, ආරක්‍ෂාව, සෞඛ්‍ය, පෝෂණය, සමාජ ආරක්‍ෂාව සහ ජලය යන ක්ෂේත්‍රවල අවශ්‍යතා වැඩිවීම සහ සේවා අඩාල වීම හේතුවෙන් මෙම අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ළමුන් බවත් එහි සඳහන් වේ.

මෙම කාලය තුළ යුනිසෙෆ් විසින් ළමුන් 712,000 ක් පමණ ඇතුළුව මිලියනයකට මානුෂීය ආධාර ලබා දී ඇත.

ආහාර අනාරක්ෂිත භාවය හේතුවෙන් දෙමාපියන් විශාල පිරිසකට තම දරුවන් ළමා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමට බලකෙරෙන බවත්, දරුවන් කුලී වැඩවලට යොදවන බවත් එම සංවිධානය පවසයි.

ළමුන් සහ ගර්භනී කාන්තාවන් සඳහා වන වෛද්‍ය පහසුකම් අවදානමට ලක්වීම බියජනක තත්වයක් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ද සඳහන් කර ඇත.