31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldට්විටර් සමාගමේ කාර්යාල හදිසියේම වසා දැමේ

ට්විටර් සමාගමේ කාර්යාල හදිසියේම වසා දැමේ

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සේවකයින්ට දැනුම්දී ඇත්තේ ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බවයි.

ට්විටර් සමාගමේ හිමිකරු සිය සේවකයින් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවමින් පවසා ඇත්තේ “දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතු බවත් නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත්ය.”

එම ප්‍රතිඥාවට අද (17) වනවිට සිය එකඟතාවය පළ නොකරන සේවකයින් ව මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් විය හැකි බව මස්ක් පැවසීය.