31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට

ගල්ගමුව – ආනමඩුව මාර්ගයේ ගල්ගමුව ඉහළගම සමිති ශාලාව අසළ ඊයේ (17) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.

මියගිය අයගේ මෘත ශරීර මේ වනවිට ගල්ගමුව මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දෙදෙනෙක් රෝහල්ගත කර ඇත.

එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්. මියගිය පුද්ගලයන් නොච්චිය වන්නිකුඩාවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් එකම පවුලක සහෝදරයන් තිදෙනෙක්ගේ දරුවන් තිදෙනෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් පස්දෙනෙකු මෝටර් රථයේ ගමන් කර ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ සාලියපුර යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා මේජර්වරයෙකු සහ නොච්චිය වන්නිකුඩාවැව ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.