30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් රාජපක්ෂ අනිද්දා දිවයිනට

බැසිල් රාජපක්ෂ අනිද්දා දිවයිනට

බැසිල් රාජපක්ෂ අනිද්දා (20) දිනයේදී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.

කෙසේවෙතත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ ඊයේ (17) රාත්‍රියේ ඇමරිකාවෙන් පිටත් වී ඇති අතර ඔහු ලංකාවට පැමිණි වහාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරනු ඇති බවයි.

පසුගිය දේශපාලන අර්බුදය සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බැසිල් රාජපක්ෂ සැප්තැම්බර් මාසයේදී ඇමරිකාව බලා පිටත් විය.