25.6 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි විරෝධතාවක්

වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි විරෝධතාවක්

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තරේ භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ. එය මේ වනවිට නෙළුම් පොකුණ අසළ සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය අසලින් ආ‍රම්භ වී ඇති අතර ඔවුන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලා මෙම විරෝධතාව පවත්වනු ලැබේ.

වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා අදට දින 90කි.